May 14, 2025

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, රෝමානු කතෝලික පල්ලියේ නව ශුද්ධෝත්තම පාප්වහන්සේ වන XIV වැනි ලියෝ පාප් වහන්සේ හමුවී තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ XIV වැනි ලියෝ පාප් වහන්සේ සුහද සාකච්ඡාවල නිරත වන ඡායාරූප කොළඹ අගරදගුරු පදවිය විසින් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබිණි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පසු නම් කරන ලද අය අතර ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද විය.

උන්වහන්සේ නව පාප්වරයකු තෝරා පත් කර ගැනීම සඳහා වතිකානු මාලිගයේ කාදිනල්වරුන්ගේ රැස්වීම වන පාප්තුමාගේ සම්මේලනයට ද සහභාගී විය.