
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් දා අවසන් වූ ලෝක් සභා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබපැතුම් පිරිනැමීම පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යංශය චීනයට ස්තූතිය පළ කර තිබේ.
එහි ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ඒ සම්බන්ධයෙන් X ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇතයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔහු එමගින් පවසා තිබුණේ ඉන්දියාව ජාතීන් දෙක අතර සබඳතා සාමාන්‍යකරණය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.
එම X පණිවිඩයේ මෙලෙස සටහන් කර තිබුණි.
“අග්‍රාමාත්‍ය @narendramodiගේ මැතිවරණ ජයග්‍රහණයට සුබපැතුම් පිරිනැමීම ගැන @MFA_China වෙත ස්තූතියි. අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය උනන්දුව සහ අන්‍යෝන්‍ය සංවේදීතාව මත පදනම්ව ඉන්දු -චීන සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා උත්සාහයන් දිගටම කරගෙන යනු ඇත.”
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ මැදපෙරදිග කලාපීය රටවලට ද ඔහු ඉන්දීය රජය වෙනුවෙන් ස්තූතිය පළ කර තිබේ.
එම රටවල් අතර සෞදිය, ඕමානය හා තවත් රටවල් කිහිපයක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart