
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ලෝඩ්ස් මණ්ඩපයේ දී මෙල්බෝර්න් ක්‍රිකට් සමාජයේ (MCC) සාමාජිකයකුගේ හිසට වැදිණි.
කමිඳු එංගලන්තයේ ඔලී ස්ටෝන්ගේ පන්දුවකට හූක් පහරක් එල්ල කළ අතර එය පිටියෙන් ඉවතට ගොස් මෙලෙස ප්‍රේක්ෂක MCC සාමාජිකයාගේ හිසේ වැදී තිබේ.
අදාළ ප්‍රේක්ෂකයා උඩ පන්දුවක් ලෙස එය රැකගැනීමට උත්සාහ කළද, පන්දුව ඔහුගෙන් ගිළිහි හිසේ වැදී තිබේ.
එම සිද්ධිය නිසා තරගය සුළු මොහොතකට නතර කෙරිණි.
කෙසේවෙතත් වෛද්‍යවරුන් අදාළ පුද්ගලයාව පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කතා කරන ආකාරය ඡායාරූපවල දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart