
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් අද සමත්විය.
නෙදර්ලන්තය එරෙහිව මේ වන විට දිල්ලිහිදී පැවැත්වෙන තරගයේදී පන්දු 40කින් ග්ලෙන් මැක්ස්වෙල් මෙලෙස වේගවත්ම ශතකය වාර්තා කළේය.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ එඩ්න් මාර්කම් පන්දු 49 කින් වේගවත්ම එක්දින ලෝක කුසලාන ශතකය වාර්තා කර තිබිණි.
ග්ලෙන් මැක්ස්වෙල්ගේ මෙම ශතකය එක්දින තරග ඉතිහාසයේ හතරවන වේගවත්ම ශතකය ලෙස වාර්තා විය.
පන්දු 44කදී ලකුණු 106ක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර 08ක් අන්තර්ගත විය.
මෙම තරගයේදී පන්දු යවන්නකුට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ඕස්ට්‍රේලියාව විසින් ලබාගත්තේ නෙදර්ලන්තයේ ඩස් දි ලිඩ්ට එරෙහිවය.
ඔහු යොමුකළ පන්දුවාර 10ට ඕස්ට්‍රේලියාව ලක115ක් වාර්තා කර තිබුණේ කඩුලු 02ක් ලබාදෙමිනි.
නෙදර්ලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 08 ක් දැවී ලකුණු 399ක් වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart