
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට මතීෂ පතිරණ, දුෂාන් හේමන්ත සහ ප්‍රමෝද් මධුෂාන් නම් කර ඇති බව වාර්තා වේ.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ ළහිරු කුමාර ආබාධවලට ලක්වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා තේරීම් කමිටුවට ආදේශ ක්‍රීඩකයන් තුන්දෙනකු ආසියානු කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ ඒ අනුවය.
කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක,මහීෂ් තීක්ෂන, දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ අනෙක් පන්දු යවන්නෝ වෙති.
පැතුම්,දසුන්,චරිත්,දිමුත්,කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්,කුසල් ජනිත්,ධනංජය ද සිල්වා සහ සදීර සමරවික්‍රම පිතිකරුවෝ වෙති.
කුසල් ජනිත්ට කොවිඩ් අසාදනය වුවද ඔහුට තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව පවති.
කෙසේ වෙතත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart