
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර, පිලදූව ප්‍රදේශයේ ඉදිකර ඇති, ලවණ බාධකය ආසන්නයේ නිල්වලා ගඟේ අතුරු ඇළ මාර්ගයේ ඇති යකඩ පයිල් ඉවත් කිරීම හෙට (20) සිට ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පවසයි.
රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වන බව ඔහු පෙන්වාදෙයි.
යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිතය.
පසුගියදා මාතර දිස්ත්‍රික්කයට ගැලූ සුළු ගංවතුර මඟින් මහ ගංවතුරක බලපෑමට මුහුණ දීමට එම දිස්ත්‍රික්කයේ ජනතාවට සිදු වූයේ නිල්වලා ගඟ හරහා ඉදිකළ ලවණ බාධකය නිසා බව ඔවුන් පවසති.
මේ වනවිට ගංවතුර ගලා මසකට වැඩි බවත්, එම නිසා නිල්වලා ගඟේ පහළ නිම්නයේ කුඹුරු අක්කර 12,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, එහි වෙසෙන ජනතාව පවසති.
එමෙන්ම ලවණ බාධකයට විසඳුමක් නොදෙන්නේ නම් ඊළඟ කන්නයේදී ගොවියන් කුඹුරු වපුරන්නේ නැති බව ද ඔවුහු සඳහන් කරති.
කුඹුරු පමණක් නොව මෙම ගංවතුර නිසා මේ වනවිට කෝටි ගණනක් මුදල් වැයකර ඉදිකර ඇති මාර්ගවලවල කාපට් ඇතුරුම් පවා ගැලවී ගොස් ඇති බව ජනතාව පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart