
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බවත්, එවැනි බොරු ප්‍රකාශ කරමින් පහරදෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද ( 04) පවසයි.
ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවේ පාක්ෂිකයන් අමතමිනි.
“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියාගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත්කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි කියන එක මම තමුන්නාසේලාට මතක් කරන්න කැමතියි. මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම කටයුතු කරනවා.” ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේය. “
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart