
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය මව හා තවත් පුද්ගලයෙකු සමඟ තම සුනඛයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සිය රථයෙන් මාතලේ නගරයට යමින් සිටියදී, ඇඳ සිටි ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා පරීක්ෂා කිරීමට විරුද්ධත්වය දැක්වූ 28 හැවිදි එක්දරු පියකු වෙඩිතබා ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වී ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි දිනයේ දී අධිකරණයට දැනුම් දෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසන් කොට, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා අධිකරණය විසින් ලේඛන ඉදිරිපත් කොට ඇති බවත්, ඒවා අධ්‍යයනය කොට එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැනුම්දීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
2022.3.3 වැනිදා නාවුල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය බව පෙන්වා සිය සැමියා පැදවූ රථය නවතා ඇති පොලිස් නිලධාරින්ගේ එකී අනිසි හැසිරීම විරුද්ධත්වය දැක්වූ සිය සැමියා මරාදැමීමට එරෙහිව අමරකෝන් ගෙදර දිනූෂා කුමාරි නමැත්තිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක චන්දුල හා ශෂී මහේන්ද්‍රන් හමුවේදී ඊයේ කැඳවිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart