
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවැසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළකළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත්කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීය.
2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී ඔප්පුවල නම් සදහන් සියලුදෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළ හෙයින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඉඩම රජයට පවරා ගත් බව ඇමැතිවරයා කීය.
ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත්කරන බවද, අවාසනාවකට මෙන් පසුගිය අරගලය සමයේ රජය සතුව තිබූ ගොඩනැගිලි පවා ගිනිතබා විනාශ කළ බව ද ඇමැතිවරයා පැවැසීය.
මෙම දේපළ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් බව සඳහන් කෙරුණු නඩුවක් දීර්ඝ කාලයක් අධිකරණය හමුවේ විභාග විය.
(මුලාශ්‍රය – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart