May 24, 2025

ශ්‍රී ලාංකික ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අද නිවේදනය කළේය.

අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 2025 මැයි 26 වන සඳුදා සිදුකරන බව අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය ඉරිදා (මැයි 25) පෙ.ව. 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

‘හෙළ සිනමාවේ රැජින’ ලෙස කිරුළු පළන් මාලිනී ෆොන්සේකා අද කොළඹදී වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත විය.

චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා සම්මාන රැසකට හිමිකම් කියන ඇයගේ සිනමා උරුමය අසමසම වේ.