
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා, ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළේදී බෙදාදුන්නේය.
මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත්පත්‍රිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.
මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මේ ඡන්ද අයිතිය පැහැරහැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය කීය.
එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස, මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බවද හෙතෙම කීවේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart