
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීමට රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර ඇත.
ලබන ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http://http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රේගු වංචා අවම කරමින් රේගුවට අයකරගත යුතු වන බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා මේ පියවර ගත් බව රේගුව පවසයි.
මෙවැනි පියවරක් මඟින් චේතනාන්විතව බදු ගෙවීම පැහැරහරින්නන් අධෛර්යයට පත්කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැළැක්වීම තුළින් නීතිවිරෝධීව භාණ්ඩ, දේශසීමාව හරහා රටට ඇතුළුවීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව රේගුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මූල්‍ය බුද්ධි අංශයේ මඟපෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති බව ද එහි සඳහන් වේ.
ඉදිරියේ දී රේගු වැරදිවලට සම්බන්ධ වන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ද කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart