
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ පවසයි.
අදාළ ඉඩම අක්කර එකයි පර්චස් 13.7 ක විශාලත්වයකින් යුත් බවත් එම ඉඩමෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3128 ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.
එසේම අදාළ ඉඩම තුළ ඉදිකර ඇති මන්දිරය වර්ග අඩි 30354 ක විශාලත්වයෙන් යුතු බවත්, එම මන්දිරයෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229 ක් වී ඇතැයි ද ඔහු අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින එම නිවස පාපන්දු පිටියක් තරම් විශාල නිවසක් බවත්, නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක විශාලත්වය වර්ග අඩි 450ක් පමණ වන බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart