
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කලකට පසුව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී තිබේ.
ඒ හිරු රූපවාහිනියත් සමගය.
විශේෂත්වය වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද හිරු රුපවාහිනිය සමග පමණක් ජනාධිපතිවරණයට පෙර සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීමයි.
හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් අවසන් සතියේ මැතිවරණ වේදිකාවට එක්ව සිටියේය.
මේ අතර ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න ජනමධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරන ලද්දේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර දේශපාලන ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවයි.
රාජිත සේනාරත්නට අනුව, සජබ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරණයේදී තමාට සහාය ලබාදුන හොත් නාමල් රාජපක්ෂට විපක්ෂ නායක ධූරය ලබාදෙන බවට සහතික වී ඇතැයි කියනු ලැබේ.
“පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජිත් අතර සාකච්ඡා තිබුණා. ඉදිරි වසර 5 තුළදී ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයා ලෙස නාමල් පත්කිරීමේ අවසන් අරමුණ ඇතිව, විපක්ෂ නායක වීමට නාමල්ට සහය ලබාදීමට සජිත් ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙනවා.” යැයි රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart