June 2, 2025

අන්තර්ජාතික කම්කරු සමුළුවේ 113 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ දූත පිරිසක් ඊයේ (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව අද (02) සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය ‘වැඩ ලෝකයට’ අදාළ පුළුල් පරාසයක ගැටළු කෙරෙහි අවධානය යොමුකෙරනු ඇත.

රටවල් 187ක අමාත්‍යවරුන්, කම්කරු නායකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය දූත පිරිසට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීක වටලියද්ද, විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වසන්තන් ඇතුළු වෘත්තීය සමිති හතරක සහ සේවායෝජක සංගමයක නියෝජිතයන් ඇතුළත් වේ.