
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතරට පිවිසිමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.
නවසීලන්ත කණ්ඩායමට සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වු දක්ෂතා හේතුවෙන් මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් හි 12වැනි ස්ථානයේ සිට 06වැනි ස්ථානය දක්වා ඒ අනුව පැමිණ ඇත.
පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි එම ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයේ පසුවෙයි.
මේ අතර, පන්දුවාර විස්ස පන්දුයවන්නගේ ශ්‍රේණිගත කිරීම් හි මහීෂ් තීක්ෂන පස්වැනි ස්ථානයේ පසුවෙද්දී වනිදු හසරංග එහි දෙවැනි ස්ථානයේ රැඳීසිටින්නේ එංගලන්තයේ අඩිල් රෂිඩ්ට දෙවැනි වෙමිනි.
ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටෝනිස් හා සමතැන ගනිමින් වනිදු හසරංග එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් පන්දුවාර විස්ස තුන්ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගතකිරීම් හි 4වැනි ස්ථානයේ පසුවෙයි.
පැතුම් නිශ්ශංකට පන්දුවාර විස්ස ශ්‍රේණිගතකිරීමමේ පිතිකරුවන් අතර 09 වන ස්ථානය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart