January 6, 2026

අත්අඩංගුවට ගත් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝව නිව්යෝර්ක්හි සන්නද්ධ වාහනයකින් හෙලිකොප්ටරයකට මාරුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

මාංචු දැමූ මධුරෝ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සමඟ නිලධාරීන් විසින් ඔවුන්ව රැගෙන යන ආකාරය එහි දැකගත හැකිය.

මෙම යුවළට විවිධ මත්ද්‍රව්‍ය සහ ආයුධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඊයේ දහවල් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.