
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහයා කෙටි වෙලාවකට අතුරුදන්වීම 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රී ලංකාවට දර්ශනය වනු ඇත.
නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පැවසුවේ මෙම අවස්ථාව 2024 ජූලි 25 වන දින දළ වශයෙන් 00:50 ට ආරම්භ වන බවයි.
ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, දුරේක්ෂයක් හෝ දුරදක්න යුගලයක් මගින් සෙනසුරු ග්‍රහයා අතුරුදහන්වීම සහ නැවත මතුවීම පිළිබඳව වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි.
චන්ද්‍රයා සෙනසුරු ග්‍රහයා ඉදිරියෙන් ගමන් කරන එය පෘථිවියට නොපෙනී යන විට, මෙම සිදුවීම සෙනසුරුගේ ‘චන්ද්‍රගුප්තභාවය'(lunar occultation of Saturn) ලෙස හැඳින්වේ.
චන්ද්‍රයා විසින් සෙනසුරු ග්‍රහයා ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ වසන් කරනු ඇති අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලදී පමණක් දැකගත හැකිය.
ශ්‍රී ලංකාව තුළ, මෙම සිදුවීම සඳහා දෘශ්‍ය කාලය සහ කාලසීමාව ස්ථානය අනුව තරමක් වෙනස් වන බවද පැවැසේ.
සෙනසුරු ග්‍රහයාගේ මීළඟට අතුරුදන්වීම ශ්‍රී ලංකාවට පෙනෙන්නේ 2037 අප්‍රේල් 24 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart