
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“මුහුදු කොල්ලකරුවන් මට පහර පිට පහර දුන්නා. ඔළුවට අත් බැඳන් ඉන්න කියලා අපිට ඔවුන් අණ කළා. ඔවුන් ආයුධ සන්නද්ධව අපේ බෝට්ටුවට කඩා පැන්නේ යැයි ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ ක්‍රියාකරු (ස්කීපර්) එහි හිමිකරුට තම කණ්ඩායමට සිදුවූ අත්දැකීම විස්තර කරමින් පැවැසීය.
රුපියල් කෝටි 4ක් වටිනා බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුවූ ඩබ්ලිව්.ඩබ්ලිව්. එස්. එම්. පෙරේරා පවසා ඇත්තේ, මුහුදු කොල්ලකරුවන් සිය ධීවරයන්ගේ ආහාර පානද කොල්ලකා ඇති බවයි.
“රේඩියෝ මැසේජ්වලින් ඊයේ බෝට්ටුවේ අය කතාකළා. කොල්ලකරුවෝ ස්කීපර්ට පළමු දවසේ පහරදීලා තිබුණා. ඊට පස්සේ හිරිහැර කරලා නෑ. කොල්ලකරුවෝ අපේ කෑම ටික හොරකන් කරලා. ඔවුන් ආව බෝට්ටුවට ඉන් භාගයක් දාලා. දවස් දෙකක් විතර අපේ අය මේ කොල්ලකරුවෝ තුන්දෙනා එක්ක සිටියේ. අපේ අයගේ කෑම අපේ අය හදන් කාලා. ඒත් කොල්ලකරුවෝ ඒ කෑම කාලා නැහැ.”
සීෂෙල්ස් වික්ටෝරියා අගනුවරට ඊයේ රාත්‍රියේ ඔවුන් ළඟාවීමට නියමිතව තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මෙම ධීවරයන් පිරිස මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසා ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart