
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් ප්‍රතිඥාවට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ සිනමා නළු වූ විජය කුමාරතුංගගේ ඝාතන පිළිබඳ සොයා බැලිය යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ජනාධිපතිවතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ යට ගිය නඩු නැවත ගොඩ ගන්නවා කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ රංගන ශිල්පී විජය කුමාරතුංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි දසනායක මන්ත්‍රීවරයා පැවසීය.
“කිරුළපන පොලිසියේදී විජේවීරගේ ඇස් බැන්දේ කවුද, ඔහුව මැරුවේ කොහොමද, බොරැල්ල කනත්තට ගෙනාවේ කොහොමද කියලා හොයලා බලන්න. විජයට වෙඩි තැබුවේ කවුද, ඔහුට වෙඩි තැබීමට ටී 56 රයිෆලය ඝාතකයා ලබා ගත්තේ පොල්හේන්ගොඩ කුමන ගරාජයෙන්ද යන්නත් සොයා බලන්න. විජේවීරගේ දරුවන්ට සහ විජයගේ දරුවන්ට යුක්තිය ඉටු කරන්න, ”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
“1989 දී එක් දරුවෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ පමණින් එක පවුලක සියලුම දරුවන් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌවේ සිදු වුණා. මේ සිදුවීම් ගැනත් සොයා බැලිය යුතුයි.” යනුවෙන් ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart