
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට ද නියමිත ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අගෝස්තු 19 වැනිදායි.
“ඇයගේ සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කරනු ඇත” යනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
“අගෝස්තු 19 සිට 21 දක්වා ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී, එක්සත් ජනපදයේ සහය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට සහ හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයන් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කරනු ඇත.” යනුවෙන්ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඇය ඉන්දියාවේ සහ මාලදියිනේ සංචාර ඇරඹීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart