
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයට එරෙහිව පර්ත්හි පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 360කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත්විය.
එහිදි පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 89කට සීමා වීම විශේෂත්වයක්.
පාකිස්ථාන දෙවැනි ඉනිමේ කඩුලු 02ක් දවාගත් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ටෙස්ට් කඩුලු 500 සනිටුහන් කළේ, ලොව එවැනි දස්කමක් කළ 08වැනි පන්දුයවන්නා බවට පත්වෙමිනි.
එමෙන්ම ෂේන් වොන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්ගෙන් පසු ටෙස්ට් කඩුලු 500 දවාගත් තුන්වැනි ඕස්ට්‍රේලියානු පන්දුයවන්නා ලෙස නේතන් ලයන් ඉතිහාසගත විය.
2011 වසරේ ටෙස්ට් පිටියට පැමිණි නේතන් ලයන්ගේ පළමු ටෙස්ට් කඩුල්ල කුමාර් සංගක්කාර වීමද විශේෂත්වයකි.
තරගයේ පළමු ඉනිම සදහා ඕස්ට්‍රේලියාව ලකුණු 487ක් රැස්කළ අතර පාකිස්ථාන දෙවැනි ඉනිම ලකුණු 271 කට සීමාවිය.
අනතුරුව ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 05 බිඳවැටී ලකුණු 233ක් ලබාසිටියදී, ඉනිම අත්හිටුවා තරගය ජයග්‍රහණය සදහා පාකිස්ථානයට ලකුණු 450ක ඉලක්කයක් ලබාදුන්නේය.
එහිදී, පාකිස්ථාන කණ්ඩායමේ සියලුදෙනා දවසක් ඉතිරිව තිබියදී ලකුණු 89කට දැවීගියේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය පහසු කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart