
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් කොළඹ විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටිය දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අධ්‍යන කටයුතුවලට බාධා පැමිණීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින්, ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදී ඇත.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන පිරිසෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සිසුන් පිරිසක් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
පසුගිය වසරේ මාර්තු 7 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලය අසල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටි සිසුන්ට කිසිම සම්බන්ධතාවක් නැති, කලා සහ නීති පීඨවල අධ්‍යයන කටයුතුව සිදුකරන සිසුන් වෙත පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයිද, ඒ සඳහා සුදුසු වන්දි මුදලක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් සිය පෙත්සමින් ඉල්ලා තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart