
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නිදැල්ලේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ප්‍රධානී රවී සෙනෙවිරත්න පවසයි.
ඔහු සඳහන් කළේ වික්‍රමතුංග සහ තාජුඩීන් දෙදෙනාම දේශපාලන හේතූන් මත ඝාතනය කෙරුණු බවයි.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහාය පළ කරමින් කුරුණෑගල පැවති මැතිවරණ රැළියකට එක්වෙමිනි.
රවී සෙනෙවිරත්න කියා සිටියේ තාජුඩීන් ඝාතනයට අදාළ පරීක්ෂණවලට එවක රජයෙන් බාධා එල්ල වූ බවයි.
එම ඝාතනය ගැන නිසි පරීක්‍ෂණයක් කිරීමට පොලිසියට ඉඩ නොදුන් බව ඔහු පැවසීය.
ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඩේ ලීඩර්’ පුවත්පතේ සහ ලීඩර් ප්‍රකාශනවල නිර්මාතෘවරයා වූ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දරුණු විවේචකයකුව සිටියේය.
එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සමඟ නීතිමය සටනක ද ඔහු පැටලී සිටියේය.
ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වැනිදා රාජකාරියට යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි අවි ගනුදෙනු සම්බන්ධයෙන් විනිසුරුවරයකු ඉදිරියේ සාක්ෂි දීමට දින කිහිපයකට පෙරය.
මොහොමඩ් වසීම් තාජුඩීන් 2012 මැයි 17 වැනි දින රිය අනතුරකින් මිය ගිය බව ප්‍රකාශ වුණු අතර පසුව එය ඝාතනයක් ලෙස විමර්ශනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart