
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තවදුරටත් පවතින බිම්බෝම්බ ඉවත් කිරීම මානුෂීය කාර්යයක් පමණක් නොව ජාතික අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹ පැවැති ඇගයීම් උත්සවයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
යුද්ධයෙන් බලපෑමට ලක් වූ ජනතාවට අභිමානයෙන් යුතුව ජීවත් වීමටත්, ජීවනෝපාය ගෙන යාමට සහ සාමකාමී ජීවන තත්වයක් වෙනුවෙන් පත් කිරීම සඳහාත් එම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව ඇය පැවසුවාය.
පාසල් නැවත විවෘත කිරීම, දරුවන්ට ආරක්ෂිතව සෙල්ලම් කිරීමට ඉඩදීමට සහ ගොවීන්ට බියෙන් තොරව ආපසු තම ඉඩම් කරා යෑමට උපකාර කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීම ඉතා වැදගත් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, වැඩිදුරටත් පෙන්වා දුන්නේ, 2028 ජුනි මාසය වන විට සියලුම බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම යටතේ ඇති වගකීම් ඉටු කිරීමට රජය කැපවී සිටින බවයි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම සහ එම කාර්යය සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන පරිත්‍යාගශීලී රටවල දායකත්වය පිළිගැනීම ද සිදුවිය.
දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ යුද ගැටුම් පැවති ප්‍රදේශවල පාරිසරික තිරසාරභාවය සහතික කිරීමට බිම්බෝම්බ ඉවත් කිරීම ප්‍රධාන බව අවධාරණය කරමින් අග්‍රාමාත්‍යවරිය ඒ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ අඛණ්ඩ සහාය ඉල්ලා සිටියාය.
මෙරට පැවැති යුද්ධය අවසන් වී වසර 16 ක් පමණ ගතව තිබුණ ද එල් ටී ටී ඊ ය විසින් වල දමන ලද බිම් බෝම්බ තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජනජීවිතයට තර්ජනයක් වී තිබේ.
දැනට හඳුනාගෙන ඇති පරිදි එම ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 23ක පමණ භූමි ප්‍රමාණයකට තවමත් බිම්බෝම්බ නිසා ප්‍රවේශ විය නොහැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart