
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට වසර 22ට පෙර එනම් 2002 වර්ෂයේ දිනක කඩුවකින් කොටා තුවාල සිදුකොට බලංගොඩ
මොහන්දිරම්ලාගේ චමිල රිශාන්ත ගුණසේකර නමැති එවකට වයස අවු. 29ක් වූ අයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයෙන් චෝදනා ලැබ අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවකු ඉකුත් 23 වන දින කුරුවිට පොලිසියේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කොට තිබූ යුක්තිය මෙහෙයුමේදී කුරුවිට කඳන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.
මෙම වරෙන්තුකරු කුරුවිට කඳන්ගොඩ පදිංචි ගැමුණු විජය ගුණරත්න නමැති හතළිස් හතර හැවිරිදි අයෙකි.
ඝාතනයට ලක්ව ඇති අයගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස මොහුට විරුද්ධව රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 8091 යටතේ නඩවුක් විභාග කොට එය 2003.05.22 වන දින එය රත්නපුර මහාධිකරණයට යොමුකර තිබේ.
එවිට මොහු අධිකරණය මඟ හරිමින් කටයුතු කිරීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර 2005 වසරේ සිට මෙම සැකකරු නොමැතිව මෙම නඩුව මහාධිකරණයේදී විභාග කර ඇත.
ඒ අනුව රත්නපුර මහාධිකරණය මගින් 2019.02.26 වන දින මරණීය දණ්ඩණය නියම කර තිබූ බව කුරුවිට පොලිසිය කළ වැඩිදුර පරීක්ෂණවදී හෙළි වූ බව කුරුවිට පොලිසිය පවසයි.
මේ වන විට සැකකරු අධිකරණය හරහා කුරුවිට බන්ධනාගාරයට යොමුකර ඇති අතර අද දින (26) රත්නපුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කුරුවිට පොලිසිය සඳහන් කරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart