
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුන්දි විහාරය ආශ්‍රිත ප්‍රදේශයට කිසිදු පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එහි සියලු කටයුතු සොයාබැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන් බැහැදැකීමට අස්ගිරි මහා විහාරය වෙත ඊයේ (29) ගිය අවස්ථාවේදීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර ඇත.
“බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව එකඟ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.
ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා.
පැවති රජය විසින් හමුදාව යොදවා කැනීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් ලබා දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බව ද කිවයුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart