
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයකදී තම ප්‍රධානියාව තුරුළු කරගෙන සිටින ආකාරය පුළුල් තිරයක දිස්වීමෙන් පසු එම සිදුවීම තම ජීවිතය වෙනස් කළ ආකාරය මානව සම්පත් විධායක නිලධාරිනියක වූ ක්‍රිස්ටින් කැබට් ප්‍රථමවරට හෙළිකර තිබේ.
ද ටයිම්ස් පුවත්පත සමග පැවැත්වූ වූ සම්මුඛ සාකච්ඡාවකදී, එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින්,ඇය ප්‍රකාශ කර තිබුණේ අන්තර්ජාල අපයෝජනය නිර්දය හා ජීවිතය වෙනස් කරන එකක් බවයි.
බොස්ටන්හි ජූලි මාසයේ පැවති කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයකදී මෙම සිද්ධිය වන අවස්ථාවේ ඇය තාක්ෂණික සමාගමක් වන ඇස්ට්‍රොනොමර් හි සේවය කළාය.
එහි ප්‍රධාන විධායක ඇන්ඩි බයිරන් වැළඳ ගන්නා ආකාරය සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය පසු දෙදෙනාම අදාළ සමාගමෙන් ඉවත් වූ අතර ක්‍රිස්ටින් කැබට් මාස කිහිපයකට පසු නිහඬතාව බිඳ දැමුවාය.
ද ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් කැබට් පැවසුවේ ඇය දැන් රැකියාවක් සොයමින් සිටින අතර සැබවින්ම රැකියා විරහිතව සිටින බවයි.
අන්තර්ජාලය ඉදිරියට ගොස් ඇති නමුත් ඇයට එහි ප්‍රතිවිපාක එසේ වී නොමැත.
“මම මීම් එකක් වුණා. මානව සම්පත් ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත් මානව සම්පත් කළමනාකරු මමයි,” ඇය පැවසුවාය.
මත්පැන් නිසා තම ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ගතකළ මොහොත ඇගේ පවුලට අපහාස කිරීම, හිරිහැර කිරීම සහ දැඩි කම්පනයකට හේතු වූ බව ද ඇය පැවසුවාය.
ප්‍රසංගය පැවැත්වෙන අවස්ථාවේ කැබට් ඇගේ සැමියාගෙන් වෙන්ව සිටි අතර, ඔහු ද එදින රාත්‍රියේ ඊට සහභාගී වී තිබිණි.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී, ඇය බයිරන් සමඟ ලිංගික සම්බන්ධතාවක සිටීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, ප්‍රසංගයට පෙර ඔවුන් කිසි විටෙකත් සිප නොගත් බව පැවසුවාය.
කෙසේවෙතත් ඔහු කෙරෙහි ඇල්මක් ඇති බව ඇය පිළිගත්තාය.
“මම නරක තීරණයක් ගත්තා. ඒකෙ මම වගකීම භාර ගත්තා, ඒ සඳහා මම මගේ වෘත්තිය අත්හැරියා,” ඇය මත්පැන් පානය කර ඇති බවත් නුසුදුසු ලෙස හැසිරුණු බවත් පිළිගනිමින් පැවසුවාය.
ඇය දැන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට තෝරා ගත්තේ මන්දැයි පැහැදිලි කරමින්, ඇය සඳහන් කළේ මාධ්‍ය මාතෘකා මැකී ගිය පසුව ද අපයෝජනයේ ඵලවිපාක බොහෝ කලකට පසුවත් පවතින බවයි.
“මට මේක අවසන් වෙලා නැහැ, මගේ දරුවන්ටත් මේක අවසන් වෙලා නැහැ. හිරිහැර කිසිදා අවසන් වුණේ නැහැ,” ඇය ටයිම්ස් පුවත්පතට පැවසුවාය.
තම දරුවන් දෙදෙනා දැන් පාසලෙන් ඔවුන් රැගෙන යෑමට තමා පැමිණෙනවාට හෝ ඔවුන්ගේ ක්‍රීඩා උත්සවවලට සහභාගී වනවාට ලැජ්ජා වී ඇති බව ඇය පැවසූවාය.
“ඔවුන් මා එක්ක තරහයි. ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මා එක්ක තරහ වෙලා ඉඳියි. මම එය පිළිගත යුතුයි.” ඇය සඳහන් කළාය.
ඇගේ හිටපු ප්‍රධානියා ද එවැනිම තත්ත්වයකට මුහුණ දුන්නාද යන්න කැබට් ප්‍රශ්න කරමින් ඇය ඇඟවූයේ ප්‍රතික්‍රියාව අසමාන ලෙස ඇය වෙත යොමු වූ බවයි.
“කාන්තාවක් ලෙස, මම අපයෝජනයෙන් වැඩි කොටසක් භාර ගත්තා. මිනිස්සු කිව්වේ මම වාසි තැනින් ප්‍රයෝජන ගන්න හදන කෙනෙක් කියලා නැත්නම් මම ‘ඉහළට යන්න ඔවුන් සමග නිදාගත්තා’ කියලා, ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්,” ඇය පැවසුවාය.
මතභේදයේ උච්චතම අවස්ථාවේදී, ඇගේ පෙනුම, ඇඳුම් පැළඳුම් සහ ශරීරය අන්තර්ජාලය හරහා පුළුල් ලෙස විච්ඡේදනය කරන ලද අතර, ප්‍රසිද්ධ පුද්ගලයන්ද ඊට සම්බන්ධ වී තිබිණි.
නළුවකු වූ හූපි ගෝල්ඩ්බර්ග් මේ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ අතර, කලින් ක්‍රිස් මාටින් සමඟ විවාහ වූ ග්විනෙත් පැල්ට්රෝ එය තවදුරටත් පෝෂණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart