May 11, 2025

නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයන් හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ පිරිස ගම්පො,ළ කොත්මලේ සහ නාවලපිටිය රෝහල් වෙත ඇතුළත් කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අයත් බස් රථයකි.