
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දැරිය, සිය පවුලේ සාමාජිකයන් සමග ඊයේ (04) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව ඇත.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දැරිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දැරිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළකළ ජනාධිපතිවරයා, ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළකර තිබේ.
කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart