
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට KFC අලෙවිසැලකින් පසුගියදා වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් KFC Sri Lanka ආයතනයේ කළමනාකාරීත්වය කණගාටුව ප්‍රකාශකර තිබේ.
ඔවුන් නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට සහතික වන බවයි.
‘එකක් මිලදී ගත් විට එකක් නොමිලේ’ යන තරගකාරී පිරිනැමීම යටතේ නරක් වූ කුකුළු මස් අලෙවිකිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයකු විසින් පැමිණිල්ලක් ගොනුකිරීමත් සමඟ KFCහි රාජගිරිය අලෙවිසැල දැඩි විවේචනයට ලක්විය.
නරක් වූ ආහාර අලෙවි කරන බවට පැමිණිලි ලැබීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අලෙවිසැල පරීක්ෂාවට ලක්කර එවැනි තොග විනාශ කිරීමට ද පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් KFC Sri Lanka කළමනාකාරීත්වය මෙම සිද්ධිය හේතුවෙන් සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකර ඇත.
නිෂ්පාදන සහ සේවා ගුණාත්මකභාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට තම කැපවීම ප්‍රකාශ කරමින් සමාගම, ආහාරවල උපරිම ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද සහතික වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart