
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත්කර තිබේ.
2019 වසරේ මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සුදු වෑන්වලින් පැහැරගෙන ගිය පුද්ගලයන් කිඹුලන්ට කෑමට දැමූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන එස්.ඒ. සරත් කුමාර අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත වරෙන්තු නිකුත් කළේය.
විත්තිකරු සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවට ද සහභාගී වූ බැවින් සාක්ෂිකරුගේ සාක්ෂි නඩු විභාගය සඳහා ඉතා වැදගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය වාර්තාවේ සඳහන් කර තිබිණි.
සාක්‍ෂිකරුගේ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසය සැළකිල්ලට ගෙන වෙනම නඩුවකට අදාළව සිරගත කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පැමිණිල්ල විසින් මීට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි පුද්ගලයකු කිසිදු බන්ධනාගාරයක රඳවා නොමැති බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ පද්මාල් වීරසිංහ සමඟ කරුණු ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ සැකකරු හිතාමතා අධිකරණයේ පෙනී සිටීමෙන් වැළකී සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරයෙන් සනාථ වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරු තොටවත්ත සැකකරු අධිකරණයේ සාක්‍ෂි දීමට මැලිකමක් දක්වන බව පෙනී ගිය බව සඳහන් කරමින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන බව සඳහන් කළේය.
නඩුව මාර්තු මස 15 වැනිදාට කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart