
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙන්යාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට අපේක්ෂා කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝ නියෝග කර තිබේ.
ඒ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිට අමෙරිකාව අධිචෝදනා ගොනුකිරීමෙන් පසුවයි.
රූටෝ බ්‍රහස්පතින්දා සිය ජාතිය ඇමතීමේදී මේ බව නිවේදනය කළේය.
ඩොලර් බිලියන 2.5 කට ආසන්න වටිනාකමකින් යුත් යෝජිත ගනුදෙනුව යටතේ අදානි සමූහයට ජෝමෝ කෙන්යාටා අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවැනි ධාවන පථයක් එක්කිරීමට සහ මගී පර්යන්තය වැඩි දියුණු කර වසර 30ක බද්දක් සඳහා හුවමාරු කිරීමට නියමිතව තිබිණි.
විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම සඳහා පසුගිය මාසයේදී අදානි සමූහ ව්‍යාපාරය කෙන්යාවේ බලශක්ති හා ඛනිජ තෙල් අමාත්‍යාංශය සමඟ අත්සන් කළ 30 වසරක, ඩොලර් මිලියන 736 ක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක්ද අවලංගු කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
“මම ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ බලශක්ති හා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ආයතනවලට දැනට කරගෙන යන ප්‍රසම්පාදනය වහා අවලංගු කරන ලෙසට උපදෙස් දී ඇත,” යනුවෙන් රූටෝ පැවසීය.
විමර්ශන ආයතන සහ හවුල්කාර රටවල් විසින් සපයන ලද නව තොරතුරු මෙම තීරණයට හේතුවී ඇතැයි පැවසේ.
රූටෝගේ නිවේදනය පාර්ලිමේන්තුවේ නීති මන්ත්‍රීවරුන් කෑ ගැසීම් සහිත අත්පොලසන් හා ඔල්වරසන් හඬින් පිළිගෙන ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
විනිවිදභාවය සහ මුදල් සඳහා වටිනාකමක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල සම්බන්ධයෙන් මෙම ගනුදෙනු බොහෝ දේශපාලනඥයින් සහ මහජනතාවගේ විවේචනයට ලක්ව තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart