
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee (ලලටිනා අකොෂි) හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් අද (04) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුව තිබේ.
එහිදී දෙරටේ වත්මන් ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්වය ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරුවී ඇත.
සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වන සී ෂෙල්ස් රාජ්‍යයද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවත් මහ කොමසාරිස්වරිය එහිදී පවසා තිබේ.
95,000ක තරම් කුඩා ජනගහනයක් ජීවත්වන සී ෂෙල්ස් රාජ්‍යයේ 2000ක් පමණ ශ්‍රී ලාංකිකයන් වෙසෙන බවත් මහකොමසාරිස්වරිය මෙහිදී පැවසුවාය.
ශ්‍රී ලංකාවද කොවිඩ් වසංගතයෙන් පසු දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත්, මේ වන විට ඉන් යම් තාක් දුරකට මිදෙමින් සිටින බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මෙහිදී පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart