
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
KDU රෝහල ලෙස බොහෝදෙනකු හඳුන්වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල මහාභාණ්ඩාගාරයට බරක් ලෙස හඳුනාගෙන ඇත්තේ එයින් ලාභයක් නොලැබෙන නිසා බව රජය විසින් පත්කළ ඉහළ පෙළේ කමිටුවක් පෙන්වා දී තිබේ.
රාජ්‍ය ආයතන 160ක කාර්යභාරය සමාලෝචනය කර ඒවායේ ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට රජය විසින් පත්කළ කමිටුව මෙම රෝහල රජයට මූල්‍යමය වශයෙන් බරක් ලෙස හඳුනාගෙන ඇත.
එහි මූල්‍ය තිරසාරභාවය සඳහා පියවර ගන්නා ලෙස අදාළ කමිටුව රජයට නිර්දේශ කර ඇති බව ද වාර්තා වේ.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල 2017 මැයි 21 දින විවෘත කෙරිණි.
වේරහැර ප්‍රදේශයේ පිහිටා ඇති මෙම රෝහල ICU/HDU ඇඳන් 70ක්, හෘද කැතීටරකරණ රසායනාගාරයක්, පිළිකා රෝග ඒකකයක් සහ මොඩියුලර් තියටර් 20කින් සමන්විත වේ.
ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකරණ කටයුතු ද මේවනවිට ශක්තිමත් නොමැති බව එම කමිටුව විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් බව වාර්තා සඳහන් කරයි.
එම කමිටුව පෙන්වාදෙන්නේ රෝහල වාණිජමය වශයෙන් ලාභදායි ලෙස පවත්වාගෙන යා යුතු බවයි.
මීට අමතරව ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම ඈවර කිරීමට ද එම කමිටුව නිර්දේශ කර ඇතැයි පැවසේ.
වී අලෙවි මණ්ඩලය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරිත්වය සඳහා පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වයක් අවශ්‍ය බවට ද එම කමිටුව යෝජනා කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart