
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක හෙට වැඩ භාරගැනීමට නියමිතය.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම පත්කිරීම අනුමත කර තිබේ.
කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට පෙර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා එම තනතුර දැරුවේය.
කාවන් රත්නායක මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනය යන ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
කාවන් රත්නායක කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (භෞතික විද්‍යාව) විද්‍යාවේදී උපාධියක් ලබා ඇත.
ඔහු IBM Sri Lanka හි මෙරට සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද කටයුතු කර තිබේ.
එමෙන්ම Dialog Broadband හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, Dialog Axiata PLC හි ප්‍රධාන ආයතනික නිලධාරියා ලෙසත් ඔහු කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart