
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන හිටපු කථානායක කරු ජයසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීම සඳහා වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ සභාපති ලාල් විජේනායක පවසයි.
එම කමිටුව 2015 දෙසැම්බර් 22 වන දින ස්ථාපිත කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයයි.
ඒ අනුව, වත්මන් ආණ්ඩුවට සළකා බැලීම සඳහා, පවතින ව්‍යවස්ථා යෝජනා පිළිබඳව මෑතකදී සාකච්ඡා කළ බව ද නීතීඥ විජේනායක පවසයි.
”කරු ජයසූරිය මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දිය යුතු බව ඒ මහතාගේ නිවසේදී හමුවී අපි එකඟතාවකට පැමිණියා” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාල් විජේනායක The Island පුවත්පතට පවසා තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය යන පක්ෂ දෙකේම නායකයා ලෙස කටයුතු කරන බව පපෙන්වාදෙන ලාල් විජේනායක, වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන බව සඳහන් කරයි.
එබැවින් යහපාලන ආණ්ඩුව වකවානුවේදී (2015-2019) රට පුරා මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකස් කරන ලද ව්‍යවස්ථාමය යෝජනා ජාතික ජනබලවේගය ආණ්ඩුවට පහසුවෙන් සලකා බැලිය හැකි බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart