September 21, 2025

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් මුණසිංහ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

අද (21) උදෑසන ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වූ බවත්, කරන්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඔහු අභාවප්‍රාප්ත වූ බවත් වාර්තා වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහීල් මුණසිංහ තරඟ කර කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 47 කි. මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැකකෙරේ.

ඇල්පිටිය මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.