
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයකුට විහාරස්ථාන පශ්‍රයේදී අතපය ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිර්මේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියකු මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය මඟින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.
විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලින් පසු විහාරාධිපති හිමි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
විහාරස්ථාන පරිශ්‍රයේදී පහරකෑමට ලක්ව මියගිය මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි චමිල සුධීර රත්නායක (44) නමැති හිටපු යුද හමුදා සෙබළාගේ මළසිරුර විහාරස්ථානයේ ගරාජයේ තිබී පොලිසිය සොයාගනු ලැබුවේ පෙරේදා (07දා) අලුයම් කාලයේදීය.
විහාරාධිපති හිමි ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව මත පොලිසිය සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
ඔහුගේ ප්‍රකාශ මත විහාරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය වාර්තාවීමත් සමග එය ආවරණය කිරීමට පෙරේදා (07දා) උදෑසන එහි ගිය ජනමාධ්‍යවේදීන්ටද බැනවැදී විහාරස්ථාන සීමාවෙන් පිටව යන ලෙස විහාරාධිපති හිමි තර්ජනය කර තිබේ.
අත්අඩංගුවට පත් විහාරාධිපති හිමිනම හා සිවිල් ආරක්ෂක භටයා මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart