
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිනේෂ් චන්දිමාල්ට එංගලන්ත සංචාරයේදී ඇතිවූ පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් කඩුලු රකින්නට නොහැකිවීම නිසා කුසල් මෙන්ඩිස් නවසීලන්ත තරගාවලියේදී කඩුලු රකින පිතිකරුවකු ලෙස කණ්ඩායමට ක්රීඩා කරන බව ප්රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්රකාශ කර ඇත.
Newswire වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ,කුසල් මෙන්ඩිස් ක්රීඩා කළහොත් කඩුලු රකින ක්රීඩකයා ලෙස අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙන බවයි.
“චන්දිමාල්ට පන්දු රැකීමට නොහැකි වීම ගැන අපට ප්රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි සධීර හෝ කුසල් අංක 7 හි සිටින කඩුලු රකින්නා ලෙස සළකනවා, ඒ ඔවුන් ඔවුන් අවසන් එකොලොස්දෙනාට තේරුණොත්” යැයි ඔහු සඳහන් කර ඇත.
නවසීලන්ත තරගාවලියේදී කමිඳු මෙන්ඩිස් අනුපිළිවෙලින් පළමු පිතිකරුවන් කිහිපදෙනා අතර පන්දුවට පහරදෙන බව තරංග තහවුරු කළ නමුත් අංක 3 ස්ථානය හිමිවන්නේ කුමන ක්රීඩකයාද යන්න සඳහන් කර නැත.
ඕෂධ ප්රනාන්දු දකුණු අප්රිකානු A කණ්ඩායමට එරෙහිව දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායම ද කණ්ඩායමට එක්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart