
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි අරාබියේ ජෙඩා නුවරදී දින දෙකක් පැවති අයි.පි.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 06 දෙනෙකු අලෙවි වී තිබේ.
ඒ අනුව, කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට සහ යොවුන් ක්‍රීඩක එෂාන් මලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගන්නා ලදී.
දුෂ්මන්ත චමිර ඉන්දීය රුපියල් ලක්ෂ 75කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගනිද්දී නුවන් තුෂාරව රෝයල් චැලෙන්ජ්රස් බැංග්ලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.60කට මිලදී ගනු ලැබිණි.
අයි.පි.එල්. ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදි වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25කට හිමිකර ගනිද්දී, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් 4.40කට රාජස්ථාන් රෝයල්ස් මිලදී ගත්තේය.
මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායාම විසින් ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගනු ලැබිණි.
වෙන්දේසියට ලියාපදිංචිව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 19දෙනාගෙන් 09 දෙනෙකු ඉදිරිපත් කළ අතර ඉන් පැතුම් නිශ්ශංක, විජයකාන්ත් වියස්කාන්ත් සහ ඩිල්ෂාන් මධුශංක ව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්වූ අතර ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart