
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පළමු වරට නිදහස් දින සැමරුමට සහභාගී වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පවසා ඇත.
“අපි සැමවිටම නිදහස් දින සැමරුම්වලට සහභාගී වූයේ එය අපගේ යුතුකමක් ලෙස සලකමින්. විපක්ෂයේ සිටියදී කිසිවිටෙකත් නිදහස් දින සැමරුම්වලට සහභාගී නොවූයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්. ඔවුන් පළමු වරට නිදහස් දින සැමරුම්වලට සහභාගී වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා ”යනුවෙන් මන්ත්‍රීවරයා ඩේලි මිරර් වෙත සඳහන් කරයි.
ඊයේ නිදහස් චතුරශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, චමින්ද්‍රානි කිරිඇල්ල, වී. රාධක්‍රිෂන්, රවී කරුණානායක යන පිරිස මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායකද නිදහස් දින සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart