
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට විශාල ලෙස ජනමාධ්‍ය අවධානය යොමුවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු විනිසුරුවරයෙක් ප්‍රශ්න කර තිබේ.
නඩු විභාගය සඳහා ධනුෂ්ක ගුණතිලක අද(24) සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටියේය.
පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියදී, සිඩ්නි නුවරදී කාන්තාවක් දූෂණය කළ බවට ධනුෂ්ක වරද පිළිගෙන ඇත.
ඔහුට චෝදනා එල්ල වූ දා සිට, මෙම නඩුව සම්බන්ධයෙන් සැළකිවයුතු ජනමාධ්‍ය අවධානයක් ඇති වූ බව අධිකරණයට වාර්තා වී තිබේ.
ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් මෙහිදී පෙන්වාදී ඇත්තේ, ඇතැම් ජනමාධ්‍ය ආවරණයන් ධනුෂ්කට “සම්පූර්ණයෙන්ම හිතකර නොවන” බවත්, ජූරි සභාවක් හමුවේ එමගින් තම සේවාදායකයාගේ ස්ථාවරයට හානි සිදුවිය හැකි බවත්ය.
මෙහිදී විනිසුරු වෝර්වික් හන්ට් සඳහන් කර ඇත්තේ, පුවත්පතක මුල් පිටුවේ ධනුෂ්ක ගුණතිලකට එල්ලවී ඇති චෝදනා දැකීමෙන් පසුව සිදුවිය හැකි අගතිය ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.
“මම හිතුවා…මේ සියලු ප්‍රචාරණයෙන් පසු මේ පුද්ගලයා සාධාරණ නඩු විභාගයක් ලබා ගන්නේ කෙසේද?” ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart