
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරුවරයා ලෙස ඉදිරිපත් කළ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම සඳහන් නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෑතකදී ජනාධිපතිවරයා විසින් නම්කරන ලදී.
ඒ අනුව, අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම නාමයෝජනාව අනුමත කර තිබේ.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ජූලි 27 වැනි දින විශ්‍රාම යෑමට නියමිත අතර, පුරප්පාඩුව පිරවීම සඳහා නව අගවිනිසුරුවරයකු ඉක්මණින් පත්කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart