August 5, 2025

එංගලන්ත පිතිකරු ජෝ රූට් දැන් සිය රටේදී වැඩිම ශතක ලබාගත පිතිකරුවා බවට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන අභිබවා යෑමකි.

රූට්ගේ නවතම ශතකය සමග ඔහු එංගලන්තයේදී ලබාගත් 24 වැනි ශතකය සටහන් කර ඇත.

ඒ අනුව, ඔහු සිය රටේදී වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, මහේල ජයවර්ධන ශතක 23ක්, ජැක් කලිස් ශතක 23ක් සහ රිකී පොන්ටින් ශතක23ක් සමගින් ඔහුට පසුපසින් පසුවේ.

ඔහු සිය රටේදී ඉනිම 147 කදී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

මීට පෙර එම වාර්තාව තබා සිටි මහේල ජයවර්ධන, සිය රටේදී ඉනිම 129 කදී සිය ශතක 23 ලබාගත්තේය.