
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව සර්ව ආගමික නායකයන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වන ද යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.
එහිදි ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ සළකා බලා ඇති නිසා එය අගවිනිසුරුවරයාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම සුදුසු බව නිගමනය කළේය.
බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි පැවසෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart