
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජය ශ්‍රී ලා පහුගිය කාලේ ඩයමන්ඩ් එකක් ගැන වගේම රුවිතයක් ගැනත් කතා ළා. මේ ගැන සමාජ මාධ්‍ය තුළ විවිධාකාර කතා නැගුණු නිසාම ඊයේ (24) ෆේස්බුක් ලයිව් ආව ජය ශ්‍රී ලා ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. ඒ කිව්ව විදියට රුවිතේ කියන්නේ මගඩි වැඩක්වත්, බිස්නස් එකක්වත් නෙමෙයි. ජය ශ්‍රී ලගේ අලුත්ම සිංදුව.
මේ ගැන පැහැදිලි කරන ජය ශ්‍රී රෝහිත කියන්නේ මෙහෙම කතාවක්.
‘කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.
ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්’ කියලා.
මේ කියන රුවිතේ එළඹෙන සිකුරාදා හවස 05 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදකින්නට නියමිතයි. ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන රෝහිත කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
‘අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා. ඒවගේම, මේක එන්නේ, ජූලි 28 වැනිදා. ලංකාවේ වෙලාවෙන් 05 ට තමයි රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.
‘මතුවෙන්න – රුවිතේ‘….මේ කියන රුවිතේ මොකක්ද බලන්න එළඹෙන සිකුරාදා හවස 05ට සෙට් වෙන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart