
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මීළඟ සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා නිතරගයෙන් තේරී පත්වී තිබේ.
2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම්වරයා ලෙසත්, 2021 ජනවාරි මාසයේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති ෂා, 2024 දෙසැම්බර් 1 වැනිදා මෙම නව භූමිකාව භාරගනු ඇත.
ICCයේ වත්මන් සභාපති ග්‍රෙග් බාර්ක්ලේ තුන්වැනි වාරයක් ඉල්ලා නොසිටීමට තීරණය කිරීමෙන් පසු සභාපතිත්වය සඳහා එකම නාමිකයා වූයේ ෂා ය.
සිය නව තනතුරත් සමග අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය පිළිබඳව අදහස් පළකර ඇති ෂා, 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීම ප්‍රමුඛ අභිප්‍රායක් ලෙස සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart