
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම ජපානයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම සිද්ධියේ දී හඳුනා නොගත් ද්‍රවයක් ඉස ඇති බව ද හදිසි සේවා නිලධාරියෙක් හෙළිකර ඇත.
තුවාල ලැබු සියලු දෙනාම රෝහලට යොමු කෙරුණු බව ටෝකියෝවේ නිරිත දෙසින් පිහිටි මිෂිමා නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
එම නිලධාරියා පැවසුවේ තුවාල 15 දෙනාගෙන් අට දෙනෙකු පිහි ඇනුම් හේතුවෙනුත් හත් දෙනෙකු ද්‍රවය නිසා ඇති වූ තුවාල හේතුවෙනුත් රෝහල්ගත් කෙරුණු බවයි.
නම් හෙළි නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් ඇතැම් ප්‍රාදේශීය මාධ්‍ය ආයතන පැවසුවේ ද්‍රවය බ්ලීචින් බව පෙනීයන බවයි.
සිද්ධිය වූ ස්ථානයේ සිටි හදිසි සේවකයන් විසින් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකු ‘හදිසි ප්‍රතිකාර අවශ්‍ය’ ලෙස වර්ගීකරණය කරන ලද නමුත් සියල්ලන්ම සිහිසුන්ව සිටින බව නිලධාරියා පැවසීය.
ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකු වන ටොමොහරු සුගියාමා පැවසුවේ අසල රබර් කර්මාන්ත ශාලාවකින් සවස 4.30ට පමණ පිහි ඇනුම සම්බන්ධයෙන් ඇමතුමක් ලැබුණු බවයි.
NHK ඇතුළු ජපන් මාධ්‍ය වාර්තා කළේ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිසිය වයස අවුරුදු 38ක් වූ මසාකි ඔයාමා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශන මූලාශ්‍ර උපුටා දක්වමින් අසාහි ෂිම්බන් දිනපතා පුවත්පත වාර්තා කළේ ඔයාමා කර්මාන්ත ශාලාවට සම්බන්ධ අයකු බවයි.
ඔහු ගෑස් ආවරණයක් ලෙස පෙනෙන දෙයක් පැළඳ සිටි බව එම පුවත්පත වාර්තා කර තිබේ.
පිහියක් වැනි දෙයකින් ඔහු සන්නද්ධව සිටි බව ද කියැවිණි.
තුවාලවල බරපතළකම නොදන්නා නමුත්, NHK පැවසුවේ සියලුම වින්දිතයන් සිහිසුන්ව සිටි බවයි.
යොකොහාමා රබර් කර්මාන්ත ශාලාවට ගිලන් රථ සමූහයක් යවා ඇති අතර, එහි වෙබ් අඩවියට අනුව ට්‍රක් රථ සහ බස් රථ සඳහා ටයර් නිෂ්පාදනය කරයි.
අඩු මිනීමැරුම් අනුපාතයක් සහ ලෝකයේ දැඩිම තුවක්කු නීති පවතින ජපානයේ ප්‍රචණ්ඩ අපරාධ සාපේක්ෂව දුර්ලභය.
කෙසේවෙතත්, 2022 දී හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය ඇතුළුව ඉඳහිට පිහි ඇනුම් ප්‍රහාර සහ වෙඩි තැබීම් සිදු වේ.
2023 දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කළ වෙඩි තැබීමක් සහ පිහි ඇනුමක් සම්බන්ධයෙන් ජපන් ජාතිකයකුට ඔක්තෝබර් මාසයේදී මරණ දඬුවම නියම විය.
ටෝකියෝවේ ටෝඩා-මේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් මැයි මාසයේදී 43 හැවිරිදි පුද්ගලයකුට මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart