
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තුන්වැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය රැස් කිරීමට සමත්විය.
චැටෝග්‍රෑම් හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05කට ලකුණු 117ක්ව තිබියදී පිටියට පිවිසි ජනිත් ලියනගේ මෙම ශතකය රැස්කළේය.
ඔහුගේ ශතකයට හයේ පහර 02ක් සහ හතරේ පහර 11ක් අන්තර්ගත විය.
ජනිත් ලියනගේ පන්දු 102කදී නොදැවි ලකුණු 101ක් ලබා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 235ක් බවට පත්විය.
මෙම තරගයේදි බංග්ලාදේශ කණ්ඩායමේ කිහිපදෙනෙකු පන්දු රකිමින් සිටියදි අබාධයන්ට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart